Gossips

විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය

විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය
දෑවැද්ද ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශාගන්පූර් ප්‍රදේශයේ දී පසුගිය සතියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ.
විවාහයේදී සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දෑවැද්ද ලෙස ඉන්දීය රුපියල් පනස් දහසක මුදලක් බිරිඳගෙන් ඉල්ලා තිබෙනවා.
එහෙත් විවාහයෙන් අනතුරුව එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෑත් ගැටගසා පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
සැමියා විසින් තමන් බිරිඳට පහරදෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එම දර්ශන බිරිඳගේ සහෝදරයාට යවා ඇති බව සඳහන්.
එම දර්ශන සහෝදරයාට යැවීමෙන් අනතුරුව සැමියා පවසා ඇත්තේ අදාල දෑවැදි මුදල ලබාදෙන තෙක් තමන් බිරිඳට මෙලෙස දඬුවම් කරන බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලිකර තිබෙනවා.
පැමිණිල්ලට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී පහරකෑමට ලක්වු කාන්තාව හමුව ඇති අතර තුවාල ලබාසිටි ඇය රෝහල් ගතකිරීමට පොලීසිය කටයුතුකර ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
සැකකාර සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේ ඹවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහන්.