Gossips

රොහින්ග්‍යා සරණාගතයන් 80 ක් ඉන්දුනීසියාවට

මියන්මාරයේ – රකීනේ ප්‍රාන්තයෙන් නික්මුණු රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් 80 දෙනෙකු ඉන්දුනීසියාවට මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙනවා.
ඔවුන් දේශීය වශයෙන් නිපදවූ යාත්‍රාවක නැගී මෙලෙස සුමාත්‍රා දිවයිනේ – අචේ ප්‍රාන්තයට ඊයේ ළඟා වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය වසරේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව රොහින්ග්‍යා සරණාගතයන් 7 ලක්ෂයක් පමණ බංග්ලාදේශයට පලා ගියා.
එහෙත්, ඔවුන් දකුණු දෙසට ගමන්කොට අග්නි දිග ආසියාතික රටවල් වෙත පැමිණීම පසුගිය කාලය තුළ දක්නට ලැබුණේ විරල වශයෙන්.
ඒ තායිලන්තය විසින් රොහින්ග්‍යා සරණාගතයන් අනතුරුදායක ලෙස ආපසු හරවා යැවීමට ගනු ලැබූ තීරණය නිසයි.