Gossips

රාගමදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

රාගම – මහර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ කිසියම් පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.
තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 55 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.