Gossips

මහියංගණයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කරයි

කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා අමානුෂිකව සිදුකළ ඝාතනයක් පිළිබඳව පුවතක් ඊයේ (20) රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉකිරියගොඩ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් සහ අයගේ දියණිය වන 40 හැවිරිදි කාන්තාවක්.
එම කාන්තාවගේ පුත්‍රයා විසින් පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.