Gossips

ජාතික ආණ්ඩුව එලෙසමයි – ගිවිසුම අත්සන් කිරීම ජනපති පැමිණීමෙන් පසු

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා නව ගිවිසුම සකස් කෙරෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබදව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන බවයි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරුන් විපක්ෂයේ අසුන් ගැනීම පිළිබදව දැනුම් දෙන බවයි.