Gossips

බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රිරෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්

මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රිරෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා.
ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි.
ත්‍රීරෝද රථවලට මෙම මීටරය සවිකිරීම සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබූ අතර, එය අදින් අවසන් වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ.