Gossips

තවත් වන අලි පැටවෙක් මරුට (ඡායාරූප)

හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය වසරේ වන අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා.
වවුනියාව, පූවරාසකුලම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබි ඊයේ (19) මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් විමසී‍මේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු පැවසූවේ උතුරු කලාපයේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශ තුළ වන අලි ගහණය ඉතා ශිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.
හක්කපටස්, අනවසර විදුලි රැහැන් හා වස දීම හේතුවෙන් පසුගිය සමයේ උතු‍රු පළාතේ වන අලි ජිවිතක්සයට පත්ව ඇති බවද පශු වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළා.
මිගගිය අලියා වයස අවුරුදු තුනක පමණ වන අතර එම සත්වයාගේ හම හා අස්ථි කොටස් පමණක් දැනට ඉතිරිව පවතින බවද බි.ගිරිදරන් සදහන් කළා.
මියගිය අලියාගේ මරණයට හේතු සොයා බැලීම වෙනුවෙන් හෙට (21) දින‍යේ පරීක්ෂණ පවත්වන බවද ඔහු ප්‍රකාශ කළා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක