Gossips

Update :හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට

පස් දෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් හොරණ – බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Update : Friday, April 20, 2018 ,13.57PM
—————————————————–
පස්දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ ඇති වූ සිද්ධියට අත්අඩංගුවට ගත් අදාළ කර්මාන්තශාලාවේ කළමණාකාරවරයාගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි හොරණ පොලීසිය සඳහන් කළේ.
ඔහු අද (20) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හොරණ පොලිසියට පැමිණෙන ලෙස අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්ද සිදුකර ඇති නමුත් ඔහු මේ වනතෙක් එහි පැමිණ නැහැ.
කෙසේ වෙතත්, අනතුර සිදුවූ කර්මාන්තශාලාව අවට ආරක්ෂාව සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් එහි රඳවා තිබෙනවා.