Gossips

අනියම් බිරිඳගේ වරලස කැපූ කොස්තාපල් රිමාන්ඩ්

තම අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ ඊයේ (19) වැනිදා නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
සැකකරු විසින් තමන්ට පහර දී තමන්ගේ වරලස කපා දැමූ බවට හලාවත – අඹකදවිල පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් හලාවත පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
පැමිණිළිකාරියගේ සැමියා ඇයව අතහැර ගොස් ඇති බවත්,පසුව ඇය හා සැකකරු අතර වසර 02 ක පමණ කාලයක් අනියම් සම්බන්ධතාවයක් තිබී ඇති බවත් පොලීසිය පවසනවා.
සිංහල අළුත් අවුරුදු සමයේ අනියම් බිරිදගේ නිවසට සැකකාර පොලිස් කොස්තාපල්වරයා පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත්,එම අවස්ථාවේදී සැකකරු විසින් පැමිණිළිකාරියට පහර දී ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
පසුගිය 16 වැනිදා නැවත සැකකරු පැමිණිළිකාරියගේ නිවසට පැමිණ ඇය සමග බහින් බස්වීමක් ඇති කරගෙන ඇයගේ වරලස කපා දමා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කළා.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනවා.