අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) පෙත්සමක් ගොනු කර තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ එකම නම සඳහන් පුද්ගලයා ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කරමින් එම පක්ෂ දෙකෙන්ම නාම යෝජනා ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ඊට පදනම් වී ඇති බවයි.