Gossips

25 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇරඹේ (ඡායාරූප)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා.
සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන්.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුව අවසන් වරට පවත්වා ඇත්තේ මෝල්ටා රාජ්‍යයේදීයි.
දැනට එහි සභාපති ධුරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතව තිබෙනවා.
එංගලන්තයේ වේලාවෙන් පස්වරු 4 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය නායක සැසිය අමතා අදහස් දැක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බකිංහැම් මාළිගයේ බ්‍රිතාන්‍ය මහරැජින විසින් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයකද අද එක්වීමට නියමිතයි.