Gossips

අලුත් අවුරුදු දින දෙකේ වරායේ බහලු මෙහෙයුම් අඛණ්ඩව (ඡායාරූප)

අලුත් අවුරුදු දෙදින තුල ජයබහලු පර්යන්තය හා සමගි බහලු පර්යන්තයේ බහලු මෙහෙයුම් අඛණ්ඩව කාර්යක්ෂමව සිදුවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
ඒ අනුව අප්‍රේල් 13 වනදා අඩි 20 සම ඒකක බහලු 7459 ක් සහ අප්‍රේල් 14 වනදා අඩි 20 සම ඒකක 6259 ක මෙහෙයුම් ධාරිතාවක් සිදු කිරීමට හැකිවූ බවයි ඔවුන් සඳහන් කළේ.
ජය බහලු පර්යන්තය සහ සමගි බහලු පර්යන්ත දෙක එක්වයි මෙම මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ.
වරාය අධිකාරිය සඳහන් කළේ මෙම සාර්ථකත්වය කරා ළගාවීමට අලුත් අවුරුදු දෙදින තුල පර්යන්ත දෙකෙහි ගැන්ට්‍රි දොඹකර 20 ක් හා 18 ක ක්‍රියාකාරීත්වයෙන් යුතුව ප්‍රධාන නෞකා 5 ක් සහ පෝෂක නෞකා 8 ක මෙහෙයුම් සිදුකළ බවයි.