පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබදව අරලියගහ මන්දිරයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් හැර අනෙකුත් සියලූ පක්ෂවල නියෝජිතයින් එක්ව සිටි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද සාකච්ඡාවට එක්ව සිටි අතර, එහිදී පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.
ඒ පිළිබදව යළි ලබන සඳුඳා රැස්වී සාකච්ඡා කිරීමටයි තීරණය කර ඇත්තේ.