මාස 3 කට අධික කාලයක් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්රී ලංකා එක් දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අනිද්දා ආරම්භ වන අන්තර් පළාත් ක්රිකට් තරගාවලියට එක්වීමට නියමිතයි.
ඒ අනුව, සූරියවැව ක්රීඩාංගනයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟයේදී මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස මැතිව්ස් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා එක්දින සහ පන්දුවාර 20 යි 20 කණ්ඩායම් වල මේ වසර මුලදී ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස පත් කෙරුණා.
නමුත්, අවස්ථා ගණනාවකදී ආබාධයන්ට ලක්වීම හේතුවෙන් පසුගිය තරග වලදී ඔහුට කන්ඩායම නියෝජනය කිරීමට හැකිවූයේ නැහැ.