Gossips

ගෝමරන්කඩවල අනතුරකින් කාන්තාවක් මියගොස් 5කට තුවාල

ත්‍රිකුණාමලය – තිරියාය ප්‍රධාන මාර්ගයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 68 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, එහි රියදුරු ඇතුලූ පුද්ගලයින් සිව්දෙනෙකු සහ බස් රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.