Gossips

ජනපති අද පස්වරුවේ පොදුරද මඩුලූ සමුළුවට එක්වෙයි (ඡායාරූප)

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට වේලාවෙන් අද (19) පස්වරුවේ එක්වීමට නියමිතයි.
මෙම රාජ්‍ය නායක සමුළුව පසුගිය 16 වනදා ලන්ඩන් නුවර දී ආරම්භ වූයේ පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේයි.
එය අනිද්දා (20) දක්වා පැවැත්වෙන අතර, මෙවර සමුළුවේදී සෞභාග්‍ය, සුරක්ෂිතබව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇති.
සමුළුවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බකිංහැම් මාළිගාවේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකද සහභාගිවීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් ඊයේ (17) පස්වරුවේ බැහැදුටුවා.
විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.