Gossips

පරණ මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමේ

පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් මෙලෙස පුත්තලම එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවයි.
එම ප්‍රදේශයේ අඩි 2 ක් පමණ උසට ජලය රැඳී පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.