Gossips

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද අද පස්වරු 2 න් පසුවද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.