Gossips

හිටපු සුපිරි ක්‍රීඩකයෙක් පුහුණුකාර ධුරයට

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සම්බන්ධයෙන් හෙට දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.
ඩැරන් ලීමන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් පසුගියදා ඉවත්වූ අතර, ඊට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජස්ටින් ලැන්ගර් පත් කිරිමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තාවන්නේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්‌ට්‌ තරඟයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඔස්‌ට්‍රේලියානු නායකයා ස්‌ටීවන් ස්‌මිත්, උපනායක ඩේවිඩ් වෝනර් සහ නවක ක්‍රීඩක කැමරන්ට තරඟ තහනමක්‌ පැනවීමත් සමඟයි ඩැරන් ලීමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ.
එක්‌දින ලෝක කුසලාන මෙන්ම අළු බඳුනද දෙවරක්‌ දිනා ගැනීමට ඩැරන් ලීමන් පුහුණු කළ ඔස්‌ට්‍රේලියාානු කණ්‌ඩායම සමත් වූවා.
ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරඟ 27කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක 10 ක්‌ වාර්තා කර ඇති ලීමන් එක්‌දින තරග 117 ක්‌ නියෝජනය කරමින් ශතක හතරක්‌ සහ අර්ධ ශතක 17 ක්‌ ලබා ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් ටෙස්‌ට්‌ කඩුලු 15 ක්‌ සහ එක්‌දින කඩුලු 52 ක්‌ ලබා තිබීම විශේෂත්වයක්.