Gossips

ජනපති පැමිණි පසු නව වැඩපිළිවෙලක් – අගමැති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු නව වැඩපිළිවෙලක් යටතේ රජය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා, අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන්ද බැහැදුටු අතර, ඒ අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
සහජීවනයෙන් යුතුව රටේ කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.