Gossips

ප්‍රංශ යෝජනාව රුසියාව ඉවත දමයි

ජගත් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සිරියාවේ ඩූමා නගරයේ සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසට ප්‍රංශය කළ යෝජනාව, රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී රුසියාව පවසා ඇත්තේ රසායනික අවි ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා බැලීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.
මෙම ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය පිළිබඳව ඇමරිකාව සහ ඔවුන්ට සහය දක්වන රටවල් දැනුම්වත්ව සිටින බවද එහිදී රුසියාවේ අදහස වී තිබෙනවා.