Gossips

පළාත් 6 කට තද වැසි – මුහුදත් රළුවන බවට අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 12 ක කාලය තුළ ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඊට අමතරව මන්නාරම සිට කොළඹ, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකියි.
ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.