Gossips

බක්මහ උළෙලක බීර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

බිංගිරිය ප්‍රදේශයේ අවුරුදු උත්සවයක බීර අලෙවි කළ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිංගිරිය – කහවලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී බීර කෑන් 240 ක් සොයාගෙන ඇති අතර, මොහු අවුරුදු උත්සවයේ ඉදිකර තිබූ අලෙවි කුටියක් මිලට ගෙන මෙම බීර කෑන් අලෙවිකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (17) අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ බීර තොගය ඉදිරියේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.