මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සීදුව – ලියනගේමුල්ල ප්රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා පලාගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි මොවුන් එහි කාර්ය මණ්ඩලයට අත් බෝම්බයක් පෙන්වා මුදල් කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
මොවුන් බැංකුවේ තිබූ ලක්ෂ 5 ක පමණ මුදලක් මෙලෙස කොල්ලකා ඇති අතර, කොල්කකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.