Gossips

වේයන්ගොඩදී ෆ්ලෑෂ්බැක් සංගීත වේදිකාව කඩාවැටෙයි

වේයන්ගොඩ ප්‍රදේශයේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා.
කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
අනතුරින් සංගීත භාණ්ඩවලටද හානි සිදුව නොමැති අතර විදුලි බල්බ වලට සුළු හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රසංග වේදිකාවේ වහලයේ ආලෝක පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ නව තාක්ෂනය අනුව වහලය ඉහලට එසවීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
වේයන්ගොඩ නාරන්වත්ත ප්‍රදේශයේ සියනෑ ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය මේ හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.