Gossips

සීදුවේ බැංකුවක් කොල්ලකයි

මීට සුළු මොහොතකට පෙර සීදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් මංකොල්ලකා ඇතිබව පොලිසිය පවසනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මංකොල්ලය සිදුකර ඇති බවටයි මේ වනවිට වාර්තා වන්නේ.
මංකොල්ලයෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් රැගෙනගොස් ඇති මුදල මෙතෙක් තක්සේරු කර නොමැති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සොයා සීදූව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.