Gossips

සොරකම් කළ ත්‍රි රෝද රථයක් වසරකට පසු හමුවෙයි (ඡායාරූප)

2017 වසරේ ජනවාරි මාසයේදී රාගමදි සොරාගත් ත්‍රි රෝද රථයක් මතුගම අරප්පලකන්ද වතුයාය ආසන්නයේදී අද (17) උදැසන සැකකරුවන් දෙදෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර පොලිස් කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
ත්‍රි රෝද රථය මෙලෙස මතුගම අරප්පලකන්ද ප්‍රදේශයට රැගෙනවිත් ඇත්තේ කොටස් කර විකිණිමට බවයි අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා තිබෙන්නේ.
මේ ත්‍රි රෝද රථය රාගම ප්‍රදේශයේ බේකරි හිමියෙකුගේ බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් හෙට (18) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර