Gossips

නික් පොතාස් ඉවත්වීමට හේතුව ?

තමාට ලැබෙන වෙනත් අවස්ථාවන් පිළිබඳ සලකා බැලීමට මෙය හොඳම කාලය බව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වූ පන්දු යැවීමේ පුහුණුකරු නික් පොතාස් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම අවස්ථාවන් ලබාගැනීම තුලින් තමාට පවුලේ සාමාජිකයන් සමග ගත කිරීමට වටිනා කාලයක් ලැබෙනු ඇති බවයි.
වසර දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නික් පොතාස් කටයුතු කරනු ලැබුවා.
සිය ගිවිසුම් කාලය නිම කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමාට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් ලබාදීම පිළිබඳ ස්තුතිය පළකරන බවයි.
එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ අනෙක් පුහුණුකරුවන්ට ද ලබාදුන් සහය පිළිබඳ නික් පොතාස් ස්තුතිය පළකර තිබෙනවා.
තම ධුර කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෑම අවස්ථාවකදීම ලබාදුන් ධෛර්යමත් කිරීම්වලට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ද ස්තුතිවන්ත වන බවයි හිටපු පුහුණුකරුවා නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධවීමට ලැබීම මහත් ගෞරවයක් මෙන්ම එය තමා ලැබු ඉහළ වරප්‍රසාදයක් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
දක්ෂතා සපිරි ක්‍රීඩකයන් පිරිසකට සහය ලබාදීමට හැකිවීම මෙන්ම පුහුණුකරුවෙකු ලෙසට අත්දැකීම් රැසක් ලබාගැනීමට ද එමගින් හැකිවු බව නික් පොතාස් ප්‍රකාශ කළා.
එය සදාකාලිකවම තම හදවතේ වැදගත් ලෙසට රැඳී තිබෙනු ඇති බවයි හිටපු පුහුණුකරු නික් පොතාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වූ පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුධුරයට පත්වුණේ ග්‍රැහැම් ෆෝර්ඩ් 2017 වසරේදී ධුරයෙන් ඉවත් වීමෙන් පසුවයි.
කෙසේ වුවත් පොතාස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයන් පෙළකට මුහුණදුන් අතර චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගගත්තේ පොතාස් යළි පන්දු රැකීමේ පුහුණුකරු බවට පත් කරමින්.
මේ වෙනස් කිරීම ගැන නොසතුටුන් සිටි පොතාස් පසුගිය 14 වෙනිදා ක්‍රිකට් ආයතනය සමග සකච්ඡා කර ගිවිසුම් නිමා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.