Gossips

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගම්පහ ප්‍රදේශයේ නිවාස 8 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අකුණු අනතුරු අවම කරගැනීම පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රි කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම හෙට පෙරවරු කාලයේ බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.