Gossips

පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ධජයක් ඔසවන ලෙස ඉල්ලීමක්

අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වෙනුවෙන් සංවේගය පළ කිරීමට සෑම නිවසකම සහ රාජ්‍ය ආයතන, වෙළඳ ආයතන හා රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස ද බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 8 වනදා පස්වරුවේ පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදියි.
උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව බෙල්ලන්විල රජමහාවිහාරයට පැමිණෙමින් සිටින බව එහි රැදී සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.