Gossips

පොල්අතුමෝදර රිය අනතුරකින් කාන්තාවක් මරුට – තවත් 3 දෙනෙකු රෝහලේ

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ පොල්අතුමෝදර මං සන්ධියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය, වෑන් රථයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ වෑන් රථය පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වී ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ පදිංචි පිරිසක්.