Gossips

තරුණයෙකුගේ ජීවිතය බිළිගත් දැවැන්තයා

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මීඔය ආසන්නයේදී ඊයේ (16) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
පාපැදියකින් ගමන් කළ එම පුද්ගලයා ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙලෙස වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර , එහිදි බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පසුව ඔහු මියගිය බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු 24 හැවිරිදි තරුණයෙක්.