Gossips

දඟ පන්දු පුහුණුවට මුෂ්ටාක් අහමඩ් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දග පන්දු පුහුණුකරු ලෙස පාකිස්තාන ප්‍රවීන ක්‍රීඩක මුෂ්ටාක් අහමඩ් යොදවා ගැනීම පිළිබදව ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඔහු මීට පෙර එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම්වල පුහුණු කටයුතුවල නිරත වූ අයෙක්.
ශ්‍රී ලංකා පිළට පන්දු රැකීමේ පුහුණුකරුවෙකු යොදවා ගැනීම පිළිබදව ද අවධානය යොමු වී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරට චන්දික හතුරුසිංහ පත් කිරීමෙන් පසු පන්දු රැකීමේ පුහුණු කටයුතු අධීක්ෂණය කළේ අන්තර් වාර පුහුණුකරු වූ නික් පොතාස් විසින්.
ඔහු සිය කොන්ත්‍රාත් කාලය නිමවීමට මාස දෙකක් තිබියදී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පුහුණු තනතුරක් සඳහා නික්ම යාමට තීරණය කළා.
ග්‍රැහැම් ෆෝඩ් පසුගිය වසරේ ජුනි මාසයේ ඉවත්වීමෙන් පසු අන්තර් වාර පුහුණුකරු ලෙස පත් කළ නික් පොතාස්ට ශ්‍රී ලංකා පිළ ජයග්‍රාහී මාවතකට අවතීර්ණ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.