Gossips

සිරියානු ප්‍රහාරය ගැන රුසියාවෙන් හෙළිදරව්වක්

සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායනික අවි නිරීක්ෂකයන් පැමිණීමට දිනක් තිබියදී බටහිර රටවල් එල්ල කළ ප්‍රහාරය පිළිබදව රුසියාව සැකයක් මතු කරනවා.
රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් බී.බී.සී. ප්‍රවෘත්ති සේවාව වෙත ප්‍රකාශ කළේ එම ප්‍රහාරය නිසා එහි රසායනික අවි ප්‍රහාරයක් සැබවින්ම සිදුවී දැයි පරීක්ෂා කිරීම දුෂ්කර වන බවයි.
ඩූමා ප්‍රදේශයේ රසායනික අවි ප්‍රහාරයක සලකුණු රුසියාව විසින් විනාශ කරනු ඇති බවට බටහිර රටවල් එල්ල කරන චෝදනාව ද රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා.
ඔහු කියා සිටියේ එවැනි සාක්ෂි ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයෙන් විනාශ වී තිබිය හැකි බවයි ඩූමා හි සැබෑ ලෙස රසායනික අවි ප්‍රහාරයක් සිදුවී නොමැති අතර එය රංගනයක් ලෙසයි ඔහු හැදින්වූයේ.
එමෙන්ම ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නායකයන් ප්‍රකාශ කරන සාක්ෂි සියල්ලම මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය ජාල සටහන් පමණක් බවත්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් අවධාරණය කළා.