Gossips

උඩවලව ජලාශ බැම්ම මතින් බර වාහන ධාවනයට යළි අවසර

උඩවලව ජලාශයේ වාන් දොරටු සවි කර ඇති පාලමෙහි සිදුව ඇති පිපිරීම් හේතුවෙන් සීමා කර තිබූ බර වාහන ධාවනය ඊයේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම ජලාශය භාර කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අවශ්‍ය වුවහොත් යළිත් බර වාහන ධාවනය සීමා කිරීමට සිදුවිය හැකි බවයි.
අධික වර්ෂාවත් සමඟ පසුගිය දා උඩවලව ජලාශයේ සියලූම වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගැනුණා.
කෙසේ වෙතත්, එය මේ වන විට යළි වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.