ජල සේවකයෝ වැඩ වර්ජනයක
අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
වසර තුනකට වරක් ලබාදියයුතු වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.
වැටුප් වර්ධක නොගෙවීම සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා සහ විවිධ සංඛේත ක්‍රියාමාර්ග රැසක් ගැනීමෙන් පසුවත් ඊට සෑහීමකට පත්විය හැකි කිසිඳු පිළිතුරක් ලබාදීමට බලධාරීන් අසමත්විම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බවද ඒ මහතා පවසයි.
කෙසේ නමුත් දිවයින පුරා පාරිභෝගිකයනට අපහසුතාවයක් වන පරිදි ජලබෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් නොවීමට තීරණය කළබව පැවසු රත්නායක මහතා බිල්පත් අයකිරීම සහ නඩත්තු කටයුතුවලින් අද පෙරවරුවේ සිට ඉවත් වන බව පැවසීය.
ඊයේ (04) සවස අමාත්‍යවරයා සමග ත්රිකුනාමලයෙදී ද සාකච්චා පැවැත්වූ බවත් එයද අසාර්ථක වූ බවත් උපාලි රත්නායක මහතා පැවසීය.
මෙම වර්ජනය අතර තුර යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් දැඩි තීරණයකට යාමට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.