Gossips

ඔක්කම්පිටිය ජනතාවගෙන් චෝදනාවක්

මහජන මුදල් වැයකර ගෙනැවිත් තිබෙන යන්ත්‍ර සූත්‍ර,සහ ට්‍රැක්ටර් භාවිතයට නොගෙන ඔක්කම්පිටිය ගොවි ජන සේවා කාර්යාලය මගින් ඉවත දමා තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවට සේවයක් වන ලෙස එම යන්ත්‍ර සකස් කර දෙන ලෙසයි.
ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ තම කාර්යන් සඳහා එම යන්ත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියද නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් ඒවා ක්‍රියාවිරහිත තත්ත්වයේ පවති බවයි.
මේ සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් මධුෂංක මහතාගෙන් අප විමසීමක් කළා.
ඔහු පැවසුවේ අදාළ යන්ත්‍ර සූත්‍ර සහ රථ චීනයෙන් ගෙන්වා ඇති අතර පවතින සුළු අඩුපාඩු සැකසීම සඳහා ඒවායේ අමතර කොටස් මෙරටදී මිලදී ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉවත දමා තිබෙන බවයි.