Gossips

කුවේටයේ සේවය කර පැමිණි කාන්තාවක් මහලූ නිවාසයකට

වසර 32 ක පමණ කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා.
ඊයේ (15) පෙරවරුවේ දිවයිනට පැමිණි 72 හැවිරිදි වියේ පසුවන ඇය අවසන් වරට සේවය කර ඇත්තේ එරට පාසලකයි.
මෙම කාන්තාව මෙරටට පැමිණි පසු කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටීම හේතුවෙන් ඇය සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාස වෙත යොමුකිරීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට කටුනායක ගුවන්තොටුපලේ සහන පියසේ රැදී සිටින පී. ගුණවතී නමැති මෙම කාන්තාව තමන් මුහුණදී ඇති තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට සාධාරණයක් ඉටුකරදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ් 1980 වසරේ කුවේට් රාජ්‍යයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති මෙම කාන්තාව 2012 න් පසුව වීසා නොමැතිව එරට රැදී සිට ඇති බවයි.