Gossips

මීටියාගොඩදී සිදුවූ කාන්තා ඝාතනය

මීටියාගොඩ, නූන්දල ප්‍රදේශයේදී කාන්තාවක් පසුගිය 15 වනදා අලුයම පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
ගුරු උපදේශිකාවක් ලෙස සේවයකළ 72 හැවිරිදි අවිවාහක විශ්‍රාමික කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඇයගේ ඥාතීන් විසින් පොලිසියට කළ දැනුම් දීමක් මත ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර ඇය ජීවත්වූ නිවසේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
15 වනදා අලුයම 1.30ට පමණ උදැල්ලක් රැගත් පුද්ගලයෙක් කාන්තාව ජීවත්වූ නිවසට ඇතුල්වන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කළ විමර්ශන වලදී සැකකරුවෙකු මීටියාගොඩ දී අද (16) දින අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර මරණ පරීක්ෂණය සඳහා කාන්තාවගේ මෘත ශරීරය කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇති බව සඳහන්.