Gossips

සන්ධාන මහ ලේකම්, අලූත් වෙනසකට සැරසේ

ජාතික ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සහ නව ගිවිසුම් අත්සන් කිරීම නිසි අධ්‍යයනයකින් පසු සිදු කෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජන හමුවකට එක්වෙමින්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මුලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සකස් කෙරෙන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව පළවන අදහස්වලට අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා සිටියා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලයක්, නව ගිවිසුම් යටතේ වූ ජාතික ආණ්ඩුවක් නව වැඩපිළිවෙලක් යටතේ බිහිවනු ඇති බවද සඳහන් කළා.