දෙමළ ජාතික සන්ධානයට බලය හිමිවූ වව්නියාව නගර සභාවේ සභාපති ධුරය සදහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රාසලිංගම් ගෞතම් තේරී පත්වී තිබෙනවා.
ඒ,අද පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද දෙකක් ලබා ගනිමින්.
මෙහිදි මන්ත්රීවරුන් තුන්දෙනා බැගින් සිටින දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ මන්ත්රීවරයෙකු බැගින් සිටින ඊ.පී.ඞී.පී පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයා වෙනුවෙන් ජන්දය භාවිතා කළා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් 04 දෙනාගෙන් තුන් දෙනෙකු ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයා වෙනුවෙන් ජන්දය භාවිතා කළ අතර අනෙක් අපේක්ෂකයා ජන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයා සඳහායි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු 08දෙනාද ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ජන්දය භාවිතා කර තිබෙනවා.
මෙහිදි අගිල ඉලංගෙයි තමිල් කොංග්රසයෙන් තේරී පත්වු මන්ත්රීවරයා ජන්දය දීමෙන් වැළකී තිබෙනවා.