Gossips

ඇල්ලේ දී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට, පිය – පුතු මරුට

බදුල්ල – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයට ආසන්නයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කළ එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඊයේ පස්වරුවේ අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි.
අනතුරෙන් පියා සහ සිව් හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්වූ අතර බරපතල තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.