Gossips

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගවේෂණ යානයක් උඩුගුවනට

පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි ග්‍රහලෝක සොයා ඇමරිකානු නාසා ආයතනය අද (16) ගවේෂණ යානයක් උඩු ගුවනට යොමු කරනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 337 ක වියදමකින් සැකසූ රෙදි සෝදන යන්ත්‍රයක් තරම් විශාල මෙම ගවේෂණ යානය උඩු ගුවනට යැවෙන්නේ ස්පේස් එක්ස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින්.
සංචරණ, ග්‍රහලෝක සමීක්ෂණ චන්ද්‍රිකාව යන අරුත් ඇති ටෙස් යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම ගවේෂණ යානය මගින් ඉදිරි වසර දෙක තුළදී දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ග්‍රහලෝක පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
නාසා ආයතනය අපේක්ෂා කරන පරිදි ටෙස් සූර්යග්‍රහ මණ්ඩලයට පිටතින් වූ ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති අතර, ඊට පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් පවතිනු ඇති.
ටෙස් ගවේෂණ යානය ඇමරිකානු වේලාවෙන් අද පස්වරු 6.32 කට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 4.02 ට ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට යොමු කෙරෙනවා.