දවුලගල, ඔලිදගොඩවත්ත, පමුණුව ප්රදේශයේ දී ඊයේ (15) පොරොවකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පස්වරු 2.00 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මන්නගෙදර අමරාවතී වන ඇය හන්දෙස්ස ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව පමුණුව ප්රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිය ඥාති නිවසකට අලුත් අවුරුදු කැවිලි පෙවිලි රැගෙන තවත් කාන්තාවන් දෙදෙනෙක් සමඟ ගොස් නැවත එමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම මරණය සිදුකර ඇති බවට පොලිසිය සැක කරන අතර ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ බාල සහෝදරයෙකු දවුලගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (16) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.