Gossips

පන්ජාබයට චෙන්නායි පිල ඉදිරියේ තියුණු ජයක්

චන්දිගාර්හිදී ඊයේ (15) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වන තරඟයකදී මහේන්ද්‍ර සිං දෝණි නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වුණා.
ඔහු පන්දු 44 කට මුහුණදී හයේ පහර 05 ක් සහ හතරේ පහර 06 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස් කළද චෙන්නායි සුපර් කිංග්ස් පිලට, පන්ජාබ් කණ්ඩායම පැරදවීමට හැකිවූයේ නැහැ.
කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 07 ක් දැවී ලකුණු 197 ක් රැස් කළා.
මේ අතර මෙවර තරඟාවලියේ පළමු තරඟයට ක්‍රීඩා කළ ක්‍රිස්ගේල් එහිදී පන්දු 33කට මුහුණදී ලකුණු 63 ක් රැස් කළේ චන්දිගාර් ක්‍රීඩාංගනයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරඟයක මතකයන් එක්කරමින්.
මේ අතර මෙවර තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ අවසන් මොහොතේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩයම විසින් ක්‍රිස්ගේල්ව මිලදී ගනු ලැබුවා.
මෙම වමත් පිතිකරුවාගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.
පිළිතුරු වශයෙන් චෙන්නායි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 05 ක් දැවී රැස් කළේ ලකුණු 193 ක් පමණයි.
ඒ අනුව පන්ජාබ් පිලට තරගයෙන් ලකුණු 04 ක තියුණු ජයක් හිමිවුණා.
තරඟයේ වීරයා සම්මානය ක්‍රිස්ගේල් විසින් හිමිකරගත්තා.
ක්‍රිස්ගේල්ගේ ප්‍රවේගකාරී ඉනිම පහතින්.
rnrnrnrn