Gossips

ගිනි අවියක්, අත් බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හික්කඩුව – බණ්ඩාරවත්ත දුම්රිය හරස් මාර්ගය අසළදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක්ද සොයාගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.
ඊයේ (15) දහවල් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මීටියාගොඩ – වේරගොඩ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ බිරිඳගේ නිවසේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 03 ක් සහ ජීව අත්බෝම්බයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) ඉදිරිපත් කිරීමට නියමිතයි.