Gossips

රාජස්ථාන් ජයග්‍රහණයට සැම්සන් මඟ සකසයි

2018 අයි.පී.එල්.තරඟාවලියේ 11 වන තරඟය ඊයේ පැවැත් වුනේ බැංගලෝර් හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි.
එහිදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් තරඟ වැදුණා.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟය ලකුණු 19කින් ජයගන්නට සමත්වුනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
කාසිය වාසිය දිනු බැංගලෝර් ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 04 කට ලකුණු 217ක් රැස් කළා.
එහිදී ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමේ සංජු සැම්සන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 92ක්.
ඒ අනුව මෙවර තරඟාවලියේ මේවන විට වැඩිම ලකුණු රැස් කරගත් ක්‍රීඩකයා බවට සංජු සැම්සන් පත්වෙමින් තැඹිලි පැහැති හිස් වැස්මට හිමිකම් කියනවා.
පන්දු 45ක දී ගොඩ නැගුනු ඔහුගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 02ක් ඇතුළත්.
අජින්ක්‍යා රහානි 36ක්, බෙන් ස්ටොක් 27ක් සජ ජෝෂ් බට්ලර් ලකුණු 23ක් රැස් කරමින් රාජස්ථාන් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී යුශ්වේන්ද්‍රා චාහල් සහ ක්‍රිස් වෝකර්ස් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
ලකුණු 218ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 198ක් පමණයි.
එහිදී බැංගලෝර් නායක විරාත් කෝලි ලකුණු 57ක් සහ මන්දීප් සිං නොදැවී ලකුණු 47ක් රැස් කළා.
ආක්‍රමණ ශීලි පන්දු යැවීමක නිරතවූ ශියස් ගෝපා සිය පන්දුවාර 04 තුල ලකුණු 22කට කඩුලු 02ක් බිඳ දැමුවා.
තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේ සංජු සැම්සන්.
මෙම ජයග්‍රහණය මෙවර තරඟාවලියේ රාජස්ථාන් පිල ලැබූ දෙවන ජයග්‍රහණය වන අතර ඔවුන් මේ වන විට ක්‍රීඩා කර ඇති තරඟ සංඛ්‍යාව 03ක්.
සංජු සැම්සන්ගේ සුපිරි ඉනිම පහතින්.
rnrnrnrnrnrn