Gossips

හිස තෙල් ගෑමේ නැකත උදෑසන 10.16ට

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්.
ඒ අනුව අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අදට යෙදී තිබෙන අතර, එහි රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදි කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ අනුව පූර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල්පත් මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීම කෝට්ටේ රජමහා විහාරයේදී පැවැත්වෙනවා.
සිංහල අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 19 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03ට යෙදී තිබෙනවා.
එදින කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්වීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.