Gossips

වන අලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියෙකු තුවාල ලබයි

අම්පාර සමන්තුරෙයි, නින්දවුර් අල්ලිමුල් ගම්මානයේදි වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු වනජිවි නිලධාරියෙකු සහ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ නින්දවුර් අල්ලිමුල් – ගම්මානයට ඊයේ (15) දහවල් කඩා වැදුනු වන අලි රංචුවක් පළවා හැරිමට උත්සාහ කිරිමේදි ඔවුන් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබු තුන්දෙනා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බරපතල තත්ත්වයේ පසු වු වනජිවි නිලධාරියා මහනුවර රෝහලට මාරු කර යවා ඇති බව සදහන්.
මේ වන විට ගම්මානයේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඊයේ රාත්‍රිය වන විට අලි රංචුව පලවා හැරිමට කටයුතු කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.