Gossips

2014න් පසු බොර තෙල් ඉහළම අගයක

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට 2014 වසරෙන් පසු ඉහළම අගයට පත්ව ඇති අතර, මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ද ඊට බලපා ඇති කරුණක්.
සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ට ආසන්න වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67යි ශත 39ක් ලෙස සටහන් වුණා.
වෙළදපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ සිරියාවට එල්ල වූ බටහිර ප්‍රහාරය ඇතුළු භූ දේශපාලනික කරුණු පමණක් මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතු වී නොමැති බවයි.
විශේෂයෙන් ඔපෙක් සංවිධානයේ රටවල නිෂ්පාදනය කප්පාදු කිරීම මෙන්ම සංවර්ධිත රටවල තෙල් සංචිත පහත වැටීම ඊට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.